ගිහි ජීවිතයක් ගතකරන අපිට තියන ලොකුම සම්පත දරුවන්.දරුවො කියන්නේ සම්පතක් ඒකනේ දරුසම්පත කියන්නේ නේද. සතා සිවුපාවට පවා ඒක එහේමයි.දරුවන් හැදිමේ අරමුනු දෙකක් තියනවා ඒකෙන් එකක් තම වර්ගයා බොකිරිම.
ජාතියක් විදියට ගත්තහම අපේ සිංහල ජාතිය හොද ඉතිහාසයක් තියන
අභිමානවත් ජාතියක් . අනුරාධපුර පොළොන්නරුවේ ගිහින් බැලුවම
ඒබව හොදට පෙනවා.ඒවා දැකලා සුද්දන්ට පිස්සු හැදේනවා.එත් මේ ජාතිය ඒකියන්නේ අපේ සිංහල ජාතිය ලොකයෙන් නැතිවෙමින් යන ජාතින් ලිස්ට් එකේ ඉහල තැනක ඉන්න බව ඔබ නොදන්නවා ඇති. ඒ සදහා බලපාල තියෙන්නේ සංවිදානාත් මක කන්ඩායම් විසින් ඉතා සූක්ෂමව ගෙනයන උපක්‍රම වලට අපේ සිංහලයා අහුවෙලා. අනිත් ජාතින්නම් මේකට අහුවෙලා නැ.
මීට පරම්පරා දෙකකට උඩට ගිහින් බැලුවොත් අපේ සිංහල පවුලක දරුවො 6 .7 හිටියා සමහර පවුල් වල 10 . 12 හිටියා.එවා මහා සරුසාරවත් බලවත් පවුල්. එත් මේ මෑත කාලේ අපේ ජාතිය විනාශ කරන්න ගෙනාපු අර්ද වද අදහසක් තමයි “පුංචි පවුල රත්තරං” වගේ අදහස් අපේ අදුර දර්ශි සමහර සිංහලු විතරක් මෙකට අහුවුනා. මෙසදහා අපේ රටේ බඩගොස්තරවාදී අවස්තාවාදී දේශපානඥයොත් වගකින්න ඕන. ජාතියේ විනාශය පැත්තකින් තියමු ඇත්තෙන්ම දරුවො දෙන්නේක් යින්න අර්ද වද පවුලක් රත්තරන්ද ?
මම මෙසදහා උදාහරනයට ගන්නේ අපේ රටේ තියන හැමොම දන්නා පවුල් දෙකක්. ඒ තමයි බණඩාරනායක පවුල සහා රාජපක්ෂ පවුල (මෙතන දෙශපාලන යක් නැ හැමොම දන්න නිසා වඩා පැහැදිලි වෙන්නයි මෙක ගත්තේ)
පේ නවා නේද මේ දෙකින් බලවත් පුවුල මොකක්ද කියලා . දැන් බලමු මේපවුල් දෙකින් රත්තරන් මොකක්ද බන්කොත් මොකක්ද කියලා.රාජාපක්ෂ පවුලේ දරුවො 5 එයාලා කවුද කියලා ඔයාලා දන්නවනේ බණඩාරණායක පවුලේ 2 කයි. ඒ අයත් අදුනනවානේ. රාජපක්ෂ පවුලේ අම්මය් තාත්තයි හරි වාසනාවන්තයි දරුවො ටික පිරිවා ගත්තම විරයෙක් වගේ.මේදරුවොටික ලොකු වුනාම අපිට හොදට සලකාවි කියල හිතන්න ඇති එවගේම මුඋන්ටික සමාජයේ හොද මිනිස්නුවෙලා මගේ නම රකිවි කියලත් හිතන්න ඇති.ඒ විතරක්ද දෙමාපියන්ගේ ලොකුම බලාපොරොත්තුවක්නේ අපි මැරුන දවසක කවුරු නැතත් මගේ පෙට්ය කරතින් යන්න හරි මෙගේ දරුවොටි ඉන්නවනේකියලා. ඔය බන්කොත් පවුල් වල අයටනම් පිට මිනිස්සුන්ගේ කරපිටින් තමයි මළමගම යන්නවෙන්නේත්. මොකො කට ඇති පුතාටයි රුව ඇති දුවටයි ඔව කරන්න බැනේ.
දරුවන් වැඩි පිරිසක් ඉන්න පවුලක් රත්තරං විමට හේතු
v දරුවන් උස්මහත් කිරිමට අධ්‍යාපන ආදීකටයුතු වලට ලොකු පරිස්ස්‍රමයක් අදැරිමට සිදුවිම ඔවුන් උස්මහත් වුපසු දෙමාපියන් නිදහස්වේනවා. ඒ කියන්නේ දෙමාපියන්ට වයසට යනකන්ම හම්බකරන්න ඕන නෑ.
v කොල්ලො පස් හය දේනේක් පවුලක ඉන්නකොට කවුරුත් ඒ පවුලේ අයට අනවශ්‍ය පාට් දාන්න බයයි. තාත්තට වචනයක් කිවුවොත් පස් හය දෙනෙක් එතන ඇති. (අයියලා තුන්හතර දෙනේක යින්න කොට නංගිලාට බයනැතු පාරේ යන්න පුලුවන්නේ නේද)
v අපි හැමොම වය සට යනවා ලෙඩවෙනවා අපිට ලෙඩක් දුකක් හැදුන දවසට තමයි දරුවන්ගේ අලගේ තේරේනනේ.එදාට දරුවො ටික ලග යින්නකොට පුදුම සතුටක් දැනේවි. හැමොටම බැරිවුනත් කීපදෙනේක් හරි යින්නවා. විය දම්වැඩි කියලා පුන්චු පවුල් හදපු අයට එදාට අඩන්න සිද්දවෙනවා.
v දරුවො ලොකු මහත් වුනාට පස්සේ උන් රැකියව් කරලා හම්බකන්න පටන් ගත්තම ගේදර ආර්ථිකේත් හොදවෙනවා. කෘෂිකර් මාන්තය කරනවා නම්.දරුවො ඒ බර කරට අරන් කරනකොට දෙමවු පියන්න නිදහස ලැබෙනවා. සම හර දෙමාවුපියන්ට නම් මැරිලත් නිදහසක් නැනේ.
v කොයිතම් හොදට හැදුවත් සමහර දරුවො නොමග යනවා. එක දරුවෙක් විතරක් ඉන්න දෙවුපියන්ට නම් ඒගැන හිත හිතා මැරෙනකන් දුක්වෙන්න තමයි වෙන්නේ. ඒත් දරුවො කීප දෙනේක් ඉන්න කොට එක දරුවෙක් කියනදෙ අහන්නැති වුනත් අනිත් දරුවො ගන හිතලාහරි හිත හදාගන්න පුලුවන්.
v අපි මැරුන දවසක අපේ දරුවො තනිවෙන්නැ.අසරන වෙන්නැ.(මහින්ද රාජපක්ෂ තනිවෙලා නැනේ කට්ටිය ඒකනේ බයේ බනින්නේ රාජපක්ෂ සමාගම කියලා.දේශපාලන වශයෙන් කුමක් වුනත් පවුල්ක් විදියට එයාලා බලවත් බොරුද බලන්න. චන්ද්‍රිකා තනිවුනා උදවුවට කවුරුත් නැ.) ඔබ ඔබේ දරුවනුත් සමාජයේ අසරන වෙනවා දැකීමට කැමතිද?
v මගේ පරම් පරාව ඉස්සරහට ගිනියන්න මගේ දරුවොටික ඉන්නවා කියලා සතුටු නවෙන්න පුලුවන් ඒ අක පුතෙක් ඉන්න පවුලක පුතාට මොනව හරි වුනොත් පරම්පරා වත් ඉවරයි දරු සම්පතත් ඉවරයි.(අනුර බණ්ඩාර නායකත් අකාලේ මැරිලා ගියා නේ.බණ්ඩාර නායක පරම් පරාව ඉවරයි)
v නිකමට හිතමු මහ රැක තාත්තාට හරි අම්මට හරි ලෙඩක් හැදුනා කියලා ලෙඩා රොහලකට අරන්යන්න ඔය කටයි රුවයි තියන දරුවො දෙන්නට පුලුවන් වෙවිද. දෙන්නම ලෙඩින්නම් දරුවො කොයිතරම් අසරන වෙනවද ? ඔබට එදාට මෙහි අදීනව තෙරෙනවා නිසැකයි ඒත් ඔබ ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. පසුතැවීම පමනක් ඉතිරිවෙයි.
v ඔබ මැරුනු දවසට අවසන් කටයුතු කරන්න හාමුදුරුවරු ඇවිත් කියයි “දරුවන් විශාල පිරිසක් මේසමාජයට දායාද කරපු උදාර පියකේනේක් තමයි අද මේ අවසන් ගමන් යන්නේ ඒ පිනම ඇති මෙතුමාට නිවන් දකින්න ”කියලා.
මේවිදියට ගොඩාක් දේවල් තියනවා ඔබටත් වැටහෙනවා ඇති. දරුවො දෙන්නේක් හදාගත්තම ඉතින් මුල්කාලේ වියදම අඩුයි කරදර අඩුයි. ඒත් වයසට ගියාම අර කියපු හැම තැනදිම තමනුත් දරුවෙත් අසරන වෙනවා.එ හෙනම් පුංචි පවුල බන්කොලොත් නේද?


