මංගල කරුණු මොනවද ?



බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ‍‍ජේතවනාරාම විහාරයේ වැඩවෙසෙන කාලයේ දිනක් දෙවියෙක් පැමින සැපවිදීම කැමති බොහො දෙවියො ,මනුස්සයොත් මංගල කරුණු මොනවාදැයි කල්පනා කරමින් සිටින්නේය තාථාගතයන් වහන්‍ස එය පහදා දෙන්නයැයි ඉල්ලීය.
1.      බාලයන් ඇසුරු නොකිරීම
2.      පන්ඩිතයන් ඇසුරුකිරීම
3.      පිදිය යුත්තන් පිදීම
4.      සුදුසු ප්‍රදේශයක වාසය කිරීම
5.      පෙරකරන ලද පින් ඇති බව
6.      සිත මනාකොට පිහිටුවා ගැනීම‍
7.      බොහො ඇසු පිරුතැන් ඇතිබව හෙවත් දැන උගත් බව
8.      ශිල්ප දැනීම
9.      විනයෙහි මැනවින් හික්මීම
10.  යහපත් වචන කතාකිරීම
11.  දෙමාපියන්ට උපස්තාන කිරීම
12.  අඹුදරුවන්ට සැලකීම
13.  දැහැමි කර්මාන්ත
14.  දන්දීම
15.  ධර්මය අනුව හැසිරීම
16.  නෑයන්ය සංග්‍රහ කිරීම
17.  නිවැරදි ක්‍රියාව
18.  පවට අකමැතිබව
19.  පවින් වෙන්වීම
20.  මත්පැන් බිමෙන් වැලකීම
21.  කුසල් දහම්හි පමා නොවීම
22.  ගරුකල යුත්තන්ට ගරුකිරීම
23.  යටහත් ගතිපැවතුම් ඇතිබව
24.  ලදදෙයින් සතුටු වීම
25.  කළ ගුණ සැලකීම
26.  ඉවසීම
27.  සුදුසු කල්හි දර්මය ඇසීම
28.  කීකරුකම
29.  පැවිදි උතුමන් දැකීම
30.  සුදුසු කල්හි ධර්ම සාකචඡා පැවැත් වීම
31.  කො‍ලේස් නැසීම
32.  බඹ සරෙහි හැසිරීම
33.  ආර්ය සත්‍ය වටහාගැනීම
34.  නිවන් අවබොද කිරීම
35.  අටලො දහමින් කම්පා නොවීම
36.  සිත්හි ශොකය නැතිබව
37.  කොලේස් නැතිපව
38.  බිය නැතිබව
මෙඋතුම් මංගල කරුණු පිළිපැදීමෙන්  මෙලොව පරාලොව සාර්ථක ප්‍රීතිමත් ජීතයක් ගතකල හැක.

Ø  යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE  කරන්න.

No comments: