“අංදන්ච ඒක චක්කුන්ච
ආරකා පරිවජ්ජයේ
ද්විචක්කු පන දසේවෙත
සෙට්ටො පුරිස පුද්ගලො”
බුදුන් වහන්සේ විසින් දෙශනා කර ඇති මේම ගාථාවට අනුව ලොව පුද්ගලයන් තුන්වර්ගයක් සිටින බව කියයි
01 අන්දයො - එනම් ලෞකික හා ලොකොත්තර,ආර්ථක හා අධ්‍යත්මික යන දේ අංශයම අසාර්තක පුද්ගලයො.
02 එකැස් ඇත්තා - එනම් ලෞකික හා ලොකොත්තර,ආර්ථක හා අධ්‍යත්මික යන දේ අංශයෙන් එක් අංශයක් පමනක් සංවර්ධනය කරගත් තැනැත්තා.
03 ඇස් දෙකම පෙනෙන පුද්ගලයො - එනම් ලෞකික හා ලොකොත්තර,ආර්ථක හා අධ්‍යත්මික යන දේ අංශයම සාර්තක පුද්ගලයො.
ඉහත ගාථාවට අනුව බුදුන් වහන්සේ “ද්විචක්කු පන දසේවෙත සෙට්ටො පුරිස පුද්ගලො” යනුවෙන් ඇස් දෙකම පෙනෙන එනම් ලෞකික හා ලොකොත්තර,ආර්ථක හා අධ්‍යත්මික යන දේ අංශයම සාර්තක පුද්ගලයො උතුම්කොට සලකා ඇත.
බුදුන් වහන්සේ නිරන්තරම ගිහියාට ලෞකික ජීවිතයේ සැප විදිය හැකි බවත් ඒසදහා දාර්මික දනයක් උපයා ගැනිමට මගපෙන්වයි. වර්ත මාන ආථික විශේෂඥයන්ගේද නිර් දේශය වන වැඩියෙන් ආයොජනය සදහා බුදුන්වහන්සේ ජනතාව යොමුකර තිබේ.
“ඒකේන භෙගේ බන්ජෙයිය
ද්විහි කම්මං පයොජයේ
චතුත්තංච නිදාපෙයිය
ආපදාසු බවිස්සති”
ආදායමෙන් හරි අඩක්ම නැවත ආයොජන කරන්න යන්න මෙහි සදහන් වන්නේ වුන්වහන්සේ එහි ඇති වටිනාකම ඉතාහොදින් දැනසිටි නිසාවෙනි.
එහෙත් භික්ෂුණවහන්සේලාට “චීවර ,සේනාසන,පිණ්ඩපාත ,ගිලානප්‍රත්‍යයේ ලද පමනින් සතුටුවී ලෞකික වස්තුන් තුල නොඇලී ඉතාම සරල ජීවිත ගතකරමින් නිරන්තර බන භාවනාවෙහි නිරත වන ලෙස අවවාද දීතිබේ. අද ඇතම් දේශකයන් මෙම කාරනා දෙක පටලවා මෙලෙව ජීවිතය සාර්ත කරගැනිමට අවවාද නොදි පැවිද්න්ට දේශනාකර චරියා ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ගිහියන්ට දේශනා කිරීම තුලින් ගිහියා දෙලොවම අසාර්තක කරගෙන තිබේ.
වැඩිහිටියෙකුට දෙන මාත්‍රාව කුඩා දරුවෙකුට හානිකර වේ. එසේම පැවිද්දන් සදහාවු දර්ම විනයේ මාත්‍රාව ගිහියෙකුට දිමද හානිකර වියහැක.
කුසගින්නේ සිටින මිනිසෙකුට ආහාරයේ පටික්කූල සංඤාව කියාදීම විහිලුවකි.
Ø යහපත්දේ අන්අය සමග බේදාගැනීම උතුම් සත්පුරුෂ ක්රියාවකි මෙය ඔබේ මිතුරන්ට SHARE කරන්න.
No comments:
Post a Comment