අද ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 10% ටත් අඩුයි

"ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස කරනවා. කර්මය ගැන කතා කරනවා. ඇත්තටම අද පල්ලි සෑහෙන ප්‍රමාණයක් වැහිලා තියෙනවා. අද ඇතැම් පන්සල් ඉදිකර තිබෙන්නේ පල්ලි තිබූ තැන්වලයි.

අද ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 10% ටත් අඩුයි. හොඳම උදාහරණය තමයි මම පන්සල පටන් ගන්නකොට අල්ලපු වත්තේ තිබුණේ විශාල පල්ලියක්. එතරම් විශාල පල්ලියක් මම ලංකාවේ දී දැකලා නැහැ. අක්කර ගණනක් පුරා විහිදී පැවැති මේ පල්ලියේ රථවාහන නතර කරන ස්ථාන 500 ට වඩා තියෙනවා. 1999 දී පමණ ඉරිදාට පැවැත්වෙන දේව මෙහෙයට පැමිණි කාර් 300 ක් විතර එහි නතර කර තිබෙනවා. ඒත් දැන් ඉරිදට කාර් 50 ක් වත් නැහැ. අවුරුදු 10 ක් විතර කාලයක් ඇතුළත දී මිනිස්සු ඒ තරමට ම ක්‍රිස්තියානි ආගමෙන් ඈත්වෙලා.


විද්‍යාවත් සමග මිනිසුන් අද දියුණු වෙලා. දෙවියන් වහන්සේ ලෝකය මැව්වානම් මෙහෙම වෙන්න පුළුවන්ද කියා ඔවුන් අද ප්‍රශ්න කරනවා.

වර්තමානයේ දී විදේශිකයන් බුදු දහමට වැඩි නැඹුරුවක් තියෙනවා, අවබෝධයක් තියෙනවා.

සුදු ජාතිකයන් භාවනාවට යොමු වෙන්නේ සිත එකලස් කර ගැනීමට යි. භාවනාව තුළින් ඔවුන්ට සැනසීමක් ලැබෙනවා. ඒ තුළින් බුද්ධාගම ගැන දැනගන්න උත්සාහ කරනවා. ඒ විදියට බුද්ධාගමට යොමු වූ ඇමෙරිකානුවන් දෙදෙනෙක් මගේ ළඟ මහණ වුණා. ජෝසප් නම් වූ එක් අයෙක් විවාහ වී දරුවන් ද සිටියා. ඔහු මුලින්ම ඉගෙන ගත්තේ හින්දු ආගම. ඊට පසුව මුස්ලිම් ආගමත් මහායාන බුද්ධාගමත් ඉගෙන ගත්තා. ඉන්පසු ථේරවාදයට ඇවිත් මහණ වුණා. ඉදිරියේ දී මේ ප්‍රමාණය තවත් වැඩිවේවි."

ඉහත අදහස් පළ කළ, පුරා වසර විස්සකට අධික කාලයක් ඇමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වන කහඳ අමරබුද්ධි හිමියෝ ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීම පිණිස අනවරතව කැපව සිටින යතිවරයාණන් වහන්සේ නමකි. එම ශාසනික මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ අද දිනයේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති.


උපුටා ගැනීමකි

No comments: